BOC ගම්මාන ව්‍යාපෘතිය

2020-2021 කාලසීමාව පුරාවට ලෝකයම වෙලා ගත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථික අවපාතමය තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. මේ කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවද දැඩි ආර්ථික අවපාතයකට මුහුණ පෑවේ දුගී දුප්පත් ජනතාව තව තවත් ආර්ථික දුෂ්කරතාවයන්ට පත් කරමිනි. මේ අවස්ථාවේද ජාතියේ සුරබිදේනූව බදුවූ ලංකා බැංකුව මහජනයාගේ හද ගැස්ම හඳුනා ගැනීමට නොහැකි වුවොත් එය විශ්මයට කරුණකි. 2022-2024 ආයතනික සැලසුමට අනුව මේ ආකාරයෙන් BOC ගම්මාන ව්‍යාපෘතියට මග විවර වූයේ ශ්‍රී ලංකාවාසී සුවහසක් දුෂ්කර ග්‍රාමීය ප්‍රජාව වෙත රන් අස්වැන්නක් බඳු වූ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීමට දායකත්වය සපයමිනි. මෙම BOC ගම්මාන ව්‍යාපෘතිය ලංකා බැංකුවේ පාරිභෝගික හා සංවර්ධන බැංකු අංශය මගින් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ පළාත් නියෝජනය කරමින් එක් පළාතකින් එක් ග්‍රාමයක් තෝරා ගනිමින් වාර්ෂිකව ග්‍රාමයන් 9 ක් කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපෘති ලෙස ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනු වස් ක්‍රියාත්මක කරනු ලබයි.

Artisan at work
Artisan at work
නාගල විහාරය

නාග​ල ගම්මාන​ය

මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඓතිහාසික ග්‍රාමයකි නයිනේවෙල හෙවත් වර්තමානයේ නාගල ග්‍රාමය. නාම මාත්‍රයෙන් හැඟී යන පරිදිම මෙම ග්‍රාමයට නාගයෙන් සමඟ ඓතිහාසික සබැදියාවක් පවතින බවට කරුණු රාශියක් ජනශ්‍රැති වල පවතීයි. නාගල විහාරය නාගල වැව ආදී ලෙස ව්‍යවහාර වන්නට වූයේ නාගල විහාරය සමීපයේ වූ ගල්තලාව හා සම්බන්ධ කතා ප්‍රවෘත්ති නිසාය. ඒවා ඉතා සිත් ගන්නා සුළුය. අවුරුදු 2500ක් තරම් ඈතට දිවයයි.

මෙම ගල්තලාව අභ්‍යන්තරයේ නාග මාලිගාවක් ඇති බවත් එම නාග මාලිගාව නාගයින් විසින් ආරක්ෂා කරන බවත් මෙම විහාරස්ථානයේ නාග ගෝත්‍රික භික්‍ෂුවක් සිටි බවත් දැන් භික්‍ෂුව කිසි දිනක අනෙක් භික්ෂූන් සමඟ දානය නොවලදන බවත් දානය පාත්‍රයට බෙදාගෙන කාමරයට ගොස් වළඳන නිසා ඒ පිළිබඳව කුඩා භික්ෂුවක් දොරේ යතුරු සිදුරින් බැලූ විට භික්ෂුව නාගයකු වී පෙනය පෙනයකර පාත්‍රයේ බත් පිඬු ගිලින බවත් දැක පසුව ඒ ආරංචි වී ලැජ්ජාවටට පත්ව භික්‍ෂුව මෙම ස්ථානයෙන් පිටවී කලේ සිදුරෙන් නාග ලෝකයට ගිය බවත් ජනශ්‍රැතියේ ඇත.

නාගල ග්‍රාම නිලධාරී වස​ම බිබිල ප්‍රධාන නගරයේ සිට 3km දුරින් පිහිටා ඇති අතර මෙම ග්‍රාම නිලධාරී වසමට අයත් ගම්මාන දහතුනකි. ඒම ගම්මාන පිලිවෙලින් මොලන්දෙණිය,දෙමටකැටිය,මල්බකිණිය,නාගල උතුර,දිග්ගොම්මන,නාගල දකුණ,කොරකහන,හේනයාලන්ද,සිකුරාලන්ද,කලවැල්ලන්ද,දඹකොටන්මඩ,ගම් වස්තුව,දෙමටඅත්තාවල වන අතර මෙම ගම්මාන වල සිටින ගම්වාසින්ගේ ජීවන තත්වය උසස් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙම BOC ගම්මා​න ව්‍යාපෘතියේ අරමුණ වේ.

BOC ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදි​වූ නාගල ශ්‍රී පියරතන කනිෂ්ඨ විද්‍යාල​යේ ස්මාර්ට් පන්ති කාමරය

අඩුපාඩුව සම්පූර්ණ වීම: නාගල ශ්‍රී පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන්ට නවීන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ ඉගෙනුම් කටයුතු සිදු කිරීමට තිබූ විශාල අඩුපාඩුවක් මෙමගින් සපුරා ඇත.

තාක්ෂණය සමග අධ්‍යාපනය: ස්මාර්ට් පන්ති කාමරය මගින් සිසුන්ට තාක්ෂණය උපයෝගී කරගනිමින්, වඩාත් ඵලදායී හා නවීන ආකාරයකට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

ප්‍රජා සත්කාරය: ලංකා බැංකුවේ 'ගම්මාන ව්‍යාපෘතිය' යටතේ මෙලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට සහයෝගය ලබාදීම, ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන ලද අගනා මෙහෙවරකි.

Artisan at work
නාගල පියරතන විද්‍යාලයේ ස්මාර්ට් පන්ති කාමරය
Artisan at work
පාසල අසල ඉදිකරන ලද බස් නැවතුම්පල

නාගල පියරතන විද්‍යාලය අසල බස් නැවතුම්පල ඉදිකිරීම

නාගල ශ්‍රි පියරතන කනිෂ්ඨ විද්‍යාල​යේ සිසුන්ට සහ ගුරුවරුන්ට විශාල අඩුපාඩුවක්ව පැවති බස් නැවතුම්පල ලංකා බැංකුවේ ගම්මාන ව්‍යපෘතිය යටතේ ඉදිකර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රයෝජනයට භාරදෙන ලදි.

ආරක්ෂාව සහ පහසුව: බස් නැවතුම්පොළක් නොමැතිවීම නිසා මීට පෙර ඔවුන්ට අව්වට සහ වැස්සට නිරාවරණය වෙමින් මාර්ගය අයිනේ සිට බස් රථ එනතුරු බලා සිටීමට සිදු විය. නව නැවතුම්පොළ මගින් ආරක්ෂිත සහ සෙවන සහිත ස්ථානයක් හිමි වී ඇත.

Featured Products

Lamp Shade
Lamp Shade

by Mr. Udayapala

Elevate your space with this finely woven, chic rattan light fixture. Durable and stylish....

Rs.3,750.00 Contact to Buy
Kitchen Vegetable Tray
Kitchen Vegetable Tray

by Mr. Udayapala

A stylish way to display fruits or treats. Durable cane with a sturdy wooden base....

Rs.4,600.00 Contact to Buy
Tissue Box
Tissue Box

by Ms. Chandra

Discreetly hides tissue boxes. Durable, well-finished rattan for any room....

Rs.2,250.00 Contact to Buy
Tray
Tray

by Ms. Chandra

Beautiful serving bowl carved from a single piece of maple wood. Perfect for salads or fruit....

Rs.1,250.00 Contact to Buy
Flower Vas
Flower Vas

by Ms. Sunethra

Elegant heart shape and fluted rim. Durable, natural cane for a timeless home accent...

Rs.2,400.00 Contact to Buy
Leaflet Holder
Leaflet Holder

by Ms. Sunethra

Perfect for desktop organization, mail, or serving. Durable, well-finished natural cane...

Rs.1,750.00 Contact to Buy